top of page
Delivery Information
අප ඔබ වෙනුවෙන් ඉහල ගුණාත්මක සේවාවක් සැපයීමට නිරතුරුවම සැදී පැහැදී සිටින්නෙමු. පහත කරුණු කියවා එකඟනම් පමණක් පමණක් ඔබගේ ඇණවුම තබන්නට කාරුණික වන්න.
Delivery Method | ඇණවුම් ඔබ වෙතට එවන ක්රම.
ඔබ ඇණවුම තබන අවස්ථාවේ ඔබේ ඇණවුම එවිය යුතු ක්රමය පහත කරුණු වලට අනුකූලව ඔබේ කැමැත්ත පරිදි තේරිය හැක.
01. By Courier Service (1-5 business days) – Rs.400.00
ඕනෑම වටිනාකමක් සහිත 1kg ට අඩු වන ඇණවුම් සඳහා මෙය තේරිය හැකි අතර දින 1-3 (Business Days) ක් තුල ඇණවුම ඔබවෙත ලැබෙනු ඇත.
02. Pickup From Store – Rs.0.00
ඔබගේ ඇණවුම අපගේ බණ්ඩාරවෙල හෝ මොරටුව ආයතනයට පැමිණ ලබාගන්නේනම් පමණක් මෙය තේරිය හැක.
1 . ඔබ විසින් ඇණවුම තබන දිනට පසු දින ඔබගේ ඇණවුම කල භාණ්ඩ කුරියර් සේවාවට (ඉහත කරුණු වලට අනුකූලව) භාරදෙන අතර එම දින සිට ඉහතින් සඳහන් කල පරිදි අදාළ දින ගණන තුල අදාළ ලිපිනයට ඇණවුම ලැබෙනු ඇත.ඔබ ඇණවුම තබන දිනට පසු දින රජයේ නිවාඩු දිනයක්නම් ඉන් පසුව පැමිණෙන පළමු වැඩකරන දිනයේ සිට ඉහත සඳහන් පරිදි අදාළ දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබට ලැබෙනු ඇති අතර ඔබ ඇණවුම තබන්නේ සිකුරාදා දිනකනම් ඉන් පසුව එළඹෙන පළමු වැඩකරන දින සිට අදාල දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබ වෙත ලැබෙනු ඇත.
2.ඔබගේ ඇණවුම සඳහා මුදල් ගෙවීම උදෑසන 11.00 ට පෙර තහවුරු කළහොත් එදිනම ඇණවුම අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලබන අතර උදෑසන 11.00 ට පසුව මුදල් ගෙවීම් තහවුරු කරන ඇණවුම් ඊට පසු දින අදාළ කුරියර් සේවාවට බාරදෙනු ලැබේ.(වැඩකරන දිනයන් වල පමණි)
භාණ්ඩ ලැබුණු පසු
ඔබ, අදාල උපාංග භාවිතයට නවකයෙකුනම් හෝ අද්දැකීම් නොමැතිනම් භාවිතයට පෙර අන්තර්ජාලය මඟින් හෝ දැණුම ඇති අයෙකු මඟින් ඒ පිළිබඳව වැඩි දුර අවබෝධයක් ලබාගැනීමෙන් පසුව භාවිතයට යොමු වීම මඟින් අදාළ උපාංග හෝ උපාංගයට සිදුවන හානි වීම් වළක්වා ගත හැක.
සියළුම උපාංග පරික්ෂා කර දෝෂ රහිත බව තහවුරු කරගැනීමෙන් පසුව ඇසුරුම් කර ඔබ වෙත එවන අතර ඇණවුම ඔබ අතට ලැබුණු පසු දින 1-3 අතර සියළු උපාංග පරික්ෂා කර බැලීම ඔබගේ වගකීම වන අතර යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 3ක් තුල අප වෙත දැනුම් දෙන්න. සහ ඔබ උපාංග සවිකර ඇති ආකාරය
පැහැදිලිව පෙනෙන ලෙස whatsapp මඟින් වීඩියෝ හෝ ඡායාරූප යොමුකිරීමට කාරුණික වන්න.
වැරදි ධාරාවන් ලබාදීම,වැරදි සම්බධ කිරීම් මඟින් සිදුවන හානි සඳහා අප කිසි විටෙකත් වගකියනු නොලැබේ.එමෙන්ම යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 3ක් තුල පරික්ෂාකර සම්පුර්ණ දින 7ක් තුල නැවත අපවෙත එවිය හැකිවන අතර එසේ එවන උපාංග අපගේ තාක්ෂණික ශිල්පින් විසින් දින පරික්ෂා කෙරෙනු ඇත.ඔබ නැවත අප වෙත එවන උපාංග වල කිසිඳු ගැටළුවක් නොමැතිනම් සහ උපාංග පිළිබඳව ඔබේ අනවබෝධය නිසා නැවත ඒවා ඇත්නම් අදාළ එවීම් සහ යැවීම් සඳහා වන ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ. තාක්ෂණික ශිල්පීන්ගේ පරීක්ෂාවෙන් පසු යම් ගැටළුවක් වේනම් ඒ වෙනුවට නව උපාංග නිකුත් කරන අතර දින 5ක් තුල ඔබ වෙත එවනු ඇත.
Returns and refunds
bottom of page